දිරිය ව්‍යවසායකයින්ගේ නිර්මාණශීලීත්වයෙන් හැඩවුණු කෑගලු ව්‍යවසාය- 2023 අලෙවි ප්‍රදර්ශනය හා ගැනුම්කරුවන්ගේ හමුව අද (26) අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
විසිතුරු භාණ්ඩ , ආහාර නිෂ්පාදන, නිමි ඇඳුම්, බෑග් හා පාවහන් ඇතුළු විවිධ නිෂ්පාදන රැසකින් සමන්විත මෙම අලෙවි ප්‍රදර්ශනය සඳහා මෙවර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයෝ පනහකට අධික පිරිසක් එක්ව සිටිති.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන මෙම අලෙවි ප්‍රදර්ශනය 26 , 27 දෙදින කෑගල්ල නගර ශාලාවේදී පෙ.ව 9.00 සිට 6.00 දක්වා විවෘතව තැබේ.
එම සමාරම්භක අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා ට්‍රින්සි මනෝජා, ලංකා, මහජන, ප්‍රාදේශීය සංවර්ධන,සණස සංවර්ධන යන බැංකුවල නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




























