කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තාක්ෂණ අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන කෑගලු අභිමන් - 2023 දෙස් විදෙස් රැකියා පොළ සමගින් වෘත්තිය පුහුණු අත්වැල ජූලි මස 8 වන දින කෑගලු බාලිකා විද්‍යාලය දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සැලසුම් කරමින් පවතී .
එහි වර්තමාන ප්‍රගතිය විමසා බැලීමේ හමුවක් අද (27) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට zoom ඔස්සේ තාක්ෂණ අමාත්‍ය කනක හේරත් මහතා එක්ව සිටි අතර කෑගලු අභිමන් - 2023 වැඩසටහන සඳහා සම්බන්ධ වන ඒ ඒ ආයතනවල සහභාගිත්වය හා ඔවුනට අවශ්‍ය පහසුකම් හා සේවාවන් පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.
වෘත්තීය මාර්ගෝපදේශනය, වෘත්තීය පුහුණුව, දෙස් විදෙස් රැකියා අවස්ථා, දෙස් විදෙස් අධ්‍යාපන අවස්ථා, කාර්මික කෘෂිකාර්මික අංශවල ස්වයං රැකියා අවස්ථා, මූල්‍ය ආයතන වලින් ලබා දෙන ණය පහසුකම් ඇතුළු සේවාවන් රැසක් කෑගලු අභිමන් - 2023 වැඩසටහනින් සපයන අතර Youlead ආයතන මීට මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙයි.
මෙම අවස්ථාවට දිසාපති /දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ඒ ඒ ආයතන හා දෙපාර්තමේන්තුවල නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.






















