කොරියන් ජනරජයේ සෙමාවුල් ගෝලීය පදනම හා පළාත් සභාව මගින් ක්‍රියාත්මක කල ප්‍රජා සත්කාරක වැඩ සටහන් අවසන් කිරිමෙන් අනතුරුව සබරගමුව පළාත් සභාව වෙත නිල වශයෙන් භාරදීම අද (30) දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හේවාදිවල හා පිටියේගම ගම්මානයන් මුල් කර ගනිමින් ක්‍රියාත්මක කල ව්‍යාපෘතින් මගින් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වයන් නගා සිටුවීම සඳහා මහත් සේවාවක් සැලසුණි.
සබරගමුව පළාත් සභාවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතීන් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතය.
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, සෙමාවුල් ගෝලීය පදනම වෙනුවෙන් මහාචාර්ය කිම් කිසූ ,චොයි සන්ග් වූ , සම්බන්ධිකරන ලේකම් විරාජ් සම්පත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා එක්විය.
























