කෑගල්ල දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කෘෂි කාර්මික වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලෙන දිස්ත්‍රික් කෘෂි කමිටුව දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෙහි දි බෝග නිෂ්පාදන සැලැස්ම 2023/2024මහ 2024 යල වැඩසටහන්, අම්බුලුවාව කදු මුදුනෙහි ඉදි කරන ජලාශයක් නිසා සිදු වන හානිය පිළිබඳ කේෂ්ත්‍ර පරීක්ෂාවේ වාර්තාව, රබර්, පොල්, තේ, සත්ව හා කිරි ආශ්රිත නිෂ්පාදන, ජල ජිවී වගා , සමෘද්ධි වැඩසටහන් ඇතුලු කෘෂි ආශ්රිත අංශ රැසක් පිළිබඳ සාකච්ඡා කෙරිණි.
පැළ 750 ක් බෙදා හරිමින් දෙල් වගාව ප්‍රචලිත කිරීම හා අලෙවි කිරිම සඳහා ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට සැලසුම් කරන බව මෙහි දි ප්‍රකාශ විය.දැරණියගල ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාසයේ මුං ඇට වගා කිරීමේ ව්‍යාපෘතිය , 2023 සුළු වාරිමාර්ග යෝජනා තෝරා ගැනීම යටතේ ගල්ගමුව ගමවෙල් යාය ඇල මාර්ගය, බංඩාර ඇලේ ඇලවේලි ප්රතිසංසකරණය, පින්නපොල වෙල් යායේ ඇල මාර්ගය ඉදිකිරිම ඇතුලු කරුණු රැසක් පිළිබඳ මෙහි දි සාකච්ඡා විය.
රබර් වගාවේ පැතිර යන වලයාකාර පත්රපුල්ලි රෝග මර්දනය කිරිමට මේ වන විට රසායනික ද්‍රව්‍ය බෙදා දීම කඩිනම් කර ඇති බව කියැවිණි. ඉදිරියේ දී පවත්වන කොස් සතිය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන, ගොයම් වගාව ආශ්‍රිතව හට ගන්නා වල් වී ව්‍යාපෘතියක් පිළිබද මෙහි දි නිලධාරින් දැනුවත් කෙරිණි.
දිස්ත්‍රික්කය තුල BG 314,BG 375, BG 377, LG 376 වැනි නව වී ප්‍රභේද හඳුන්වා දිම සිදුකර ඇති අතර ඉන් මාස තුන, වැඩි අස්වැන්නක් සහිත මාස තුන හමාරේ වී ප්‍රභේද ඒ අතරින් කිහිපයකි. යුරියා, බණ්ඩි පොහොර ඇතුලු ඕනෑම පොහොරක් ලබා ගැනිමට හැකි ගොවීන් සඳහා ලබා දෙන පොහොර වවුචර් මේ වන විට 17049 දෙනෙකුට නිකුත කර ඇත.එම වවුචර්පත්ර දෙසැම්බර් 31 තෙක් වලංගු වන බව ද ප්‍රකාශ විය. වෙනත් වගා කළ හැකි හෝ කිසිවක් වගා කළ නොහැකි කුඹුරු හැර වී වගා කළ හැකි කුඹුරු ගොඩ කිරීමට අවසර ලබා දිම මාර්තු 28 වන දින සිට අත්හිටුවා ඇති බවද මෙහි දි කියැවිණි.
ඒ අනුව දිස්ත්‍රික්කය තුල පොහොර ලබා දීම මෙවර ප්රශස්ත මට්ටමක පවතින හෙයින් මෙම යල කන්නයේ හා ඉදිරි මහ කන්නයේ හොඳ අස්වැන්නක් බලාපොරොත්තු විය හැකි බව ද වැඩි දුරටත් කියැවිණි.
මෙම කෘෂි කමිටුවට සමඟාමිව දිස්ත්‍රික් පරිසර හා ඉඩම් පරිහරණ කමිටුව ද රැස් විය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස් රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද යන මහත්ම මහත්මින් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් , දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස් කලණ ජයනන්දන, මධ්‍යම පරිසර අධිකාරීයේ අධ්යක්ෂ ( සබරගමු) එස්.එම්. ඒ සේනානයක යන මහත්වරුන් ඇතුලු කෘෂීකාර්මික, පරිසර හා ඉඩම් කේෂත්රවලට අදාල නිලධාරීන්, ගොවි සංගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් රැසක් එක් විය.
























