දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශය සංවිධානය කරන ලද වෛද්‍ය උපදේශනයක් සමඟින් බෝ නොවන රෝග නිර්ණය සඳහා රුධිර සාම්පල් පරීක්ෂාවක් කාර්යාලීය නිලධාරීන් වෙනුවෙන් අද (11) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය පරිශ්‍රෙය් දී සිදු කෙරිණි.

මෙහිදී වයස අවුරුදු 40 ට වැඩි නිලධාරීන්ගේ රුධිර සාම්පල ලබා ගෙන එහි වාර්තා අදාල දිනය තුලදීම ලබා දිමට කටයුතු කළ අතර නිරෝගි දිවියක් වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ දැනුවත් කිරීමක් දිස්ත්‍රික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රොෂාන් ජයකොඩි මහතා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට දිසාපති / දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනිෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුලු කාර්යාලීන් නිලධාරීන් එක්ව පිරිසක් සිටියහ.