ඵලදායිතා මෙවලම් සහ තාක්ෂණික ක්‍රම ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගේ ඵලදායිතාව, ගුණාත්මකභාවය , ලාභදායිත්වය සහ වර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් දිස්ත්‍රික්කයේ තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 25 දෙනෙකු දැනුවත් කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන අද (24) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී එම ව්‍යවසායකයන් මුහුණ දෙන මූල්‍යමය, තාක්ෂණික හා විද්‍යාත්මක ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දුන් අතර ඉදිරියේදී සැපයුම්කරුවන්ගේ හා ගැනුම්කරුවන්ගේ එකමුතුවෙන් අන්තර්ජාල සංසදයක් නිර්මාණය කිරීමට අපේක්ෂිතයි.
මෙම වැඩසටහන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් ඵලදායිතා අංශය විසින් සංවිධානය කරන ලදී.
එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලිප් නිශාන්ත, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ (සංවර්ධන) හර්ශනී පීරිස් යන මහත්ම මහත්මීන්,දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඵලදායිතා නිලධාරීන් ,ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


























