කෑගල්ල දිස්ත්‍රික්කයේ දැනට ව්‍යාපාර සිදු කරන සහ ව්‍යාපාර වෙත යොමු විමට කැමති ව්‍යවසායකයන් සඳහා විශේෂයෙන් අපනයන ක්‍රියාවලියට බලපාන නීතිමය කටයුතු, බලපත්‍ර ලබා ගැනීම ඇතුලු විවිධ අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමක් ඊයේ (25) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ මෙම වැඩසටහන සදහා තෝරාගත් ව්‍යවසායකයින් හට තාක්ෂණ හා කලමණාකරණ දැනුම ලබා දෙමින් මේ වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබා දුන්නේ ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මධ්‍යම පලාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයලත් මහතා විසිනි.
එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සබරගමු පළාත් අධ්‍යක්ෂ එස්.ඒ.ජී. සේනානායක, ශ්‍රි ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාෙද්ශීය කලමනාකරිණී තිලිණි සමරදිවාකර යන මහත්ම මහත්මීන්, කෑගල්ල ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නිලධාරින් ,රාජ්‍ය නිලධාරීන් , ව්‍යවසායකයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.