දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශය සංවිධානය කළ , "අරඹමු Let’s Start" වැඩසටහන යටතේ දැනට ව්‍යාපාරයක් කරන හා අලුතින් ව්‍යාපාරයක් ඇරඹීමට අපේක්ෂිත පිරිසක් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (07) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

ඒ අනුව දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශයේ ව්‍යවසාය සංවර්ධන පුහුණු නිලධාරින් විසින් ව්‍යාපාරයක් ආරම්භ කිරිමට මෙන්ම පවතින ව්‍යාපාරයක් දියුණු කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික, මූල්‍යමය, කලමණාකරණ ඇතුලු අංශ රැසක් පිළිබඳ මෙහි දි දැනුවත් කෙරිණි.

පසුගිය දා පැවති "කෑගලු අභිමන්" දෙස් විදෙස් රැකියා පොළ හා වෘත්තීය පුහුණු අත්වැල සඳහා එක් වු සේවාලාභීන් අතරින් හඳුනාගත් තරුණ තරුණියන් ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොලහම ආවරණය වන පරිදි 40 කට ආසන්න පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටිය හ.

මෙම අවස්ථාවට දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්‍යක්ෂ ට්‍රින්සි මනෝජා යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.