කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට බතික් නිෂ්පාදන කේෂත්‍රයේ නියැලී සිටින සියලුම බතික් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඒකරාශි කිරීම සහ සංවිධානය ගත කොට ඔවුනගේ කර්මාන්ත නගා සිටුවීමේ වැඩසටහනක් දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ඒ අනුව දිස්ත්‍රික්කයේ බතික් කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයින් එකම සමූපකාර සමිතියක් ලෙස ඒකාබද්ධව කටයුතු කිරිමේ වැදගත්කම, බතික් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සම්බන්ධීකරණය,අඩු පොලී ණය අනුපාත මත ණය ලබා ගැනීම, බතික් ශිල්පීන් තාක්ෂණික දැනුමෙන් සන්නද්ද කිරීම මෙන්ම අපනයන අවස්ථාවන් ඇති කිරිම ඇතුලු දිස්ත්‍රික්කයේ බතික් කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් කරුණු රැසක් මෙහි දී සාකච්ඡා කෙරිණි.
නිෂ්පාදන ව්‍යවසායන් සමූපකාර සමිති ලෙස ලියාපදිංචි වීමේ වැදගත්කම පිළිබඳව සමූපකාර දෙපාර්තමේන්තුවෙන් ද, නිෂ්පාදන මිලදී ගැනීම සම්බන්ධව ලක්සල ආයතනයෙන්ද, පරිසර හිතකාමී බතික් නිෂ්පාදන සමිබන්ධව ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගලුම් ආයතනයෙන්ද, මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර හිතකාමී බතික් නිෂ්පාදන සඳහා ව්‍යාපාර ලියාපදිංචියට ඇති බාධා පිළිබදව ද, කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් අපනයන අවස්ථා පිළිබඳව හා ව්‍යාපාර ලියාපදිංචි කිරීම පිලිබදවත්, NVQ,RPL සුදුසුකම් ලබා ගැනීම සම්බන්ධව තොරතුරු තෘතික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවෙන් හා SDB බැංකුව මඟින් ලබා දෙන ණය පහසුකම් පිළිබඳවත් , බතික් කර්මාන්තයේ නව ප්‍රවණතා ඇතුලු කරුණු රැසක් පිළිබඳවත් මෙහිදී දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ දී සියලුම ව්‍යවසායකයින්ගේ අභිමතය පරිදි දිස්ත්‍රික් බතික් සමූපකාර සමිතියක් ස්ථාපිත කොට ඊට නිලධාරින් පත් කර ගැනීමට ද කටයුතු කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලිප් නිශාන්ත, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ,සමූපකාර සහකාර කොමසාරිස් එස්.එම්.එස්.කේ සමරකෝන්, මධ්‍යම පරිසර අධිකාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බී රත්නායක, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සබරගමු පළාත් අධ්‍යක්ෂ එස්.ඒ.ජී සේනානායක, ජේ්‍යෂ්ඨ තාක්ෂණඥ සුභානි තෙවරප්පෙරුම, SDB බැංකුවේ සමූපකාර අංශ ප්‍රධානී ලසන්ත එදිරිසූරිය යන මහත්ම මහත්මින්, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂතුමන්,දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යවසාය සංවර්ධන නිලධාරින් , ව්‍යවසායකයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.

























