මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්විමට සුදානම් වන්නේ කෙසේද යන්න පිලිබඳ විමසා බැලෙන සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි .
මා ඔයේ ජල මට්ටම අඩු විමත් සමග පානීය ජල අවශ්‍යතාවය සපුරා ගන්නා විකල්පය කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.ජලය බෙදා හැරීම සඳහා බවුසර් රථ අවශ්‍ය ස්ථාන වෙත යොමු කිරිම කෙරහිද මෙහිදී අවධානය යොමු කෙරිණි .
තවද වියලි කාලගුණයත් සමග රක්ෂිත මුල් කරගෙන ඇති වන ලැව් ගිනි වලක්වගැනීම අවශ්‍ය කරුණු ගැන අදාල පාර්ශවයන් සමග සාකච්ඡා කෙරිණි .ඒ අනුව රක්ෂිතය ආශ්‍රිතව ජිවිත්වන ජනතාව දැනුවත් කිරීම,හිදිසි ගින්නක් ඇති වූ වහාම දැනුවත් වීමේ යාන්ත්‍රණයක් ඇති කිරීම ,ගින්නක් ඇති වුවහොත් එය මැඩ පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ආදි කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලිප් නිශාන්ත ,ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල,ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.




















