සුවබර ජීවිතයක් වෙනුවෙන් නිසි ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා සමාජයක් අද ( 16) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ස්ථාපිත කෙරිණි.
ඒ අනුව අභිනවයෙන් නව නිලධාරී මණ්ඩලයක් පත් වු අතර ඉදියේ දි කාර්යාලයට ශාරීරික සුවතා මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ගැනීමටත්, රාජ්‍ය සේවා වොලිබෝල් තරඟාවලිය ඇතුලු පැවැත්වීමට නියමිත අනිකුත් තරඟාවලින් පිළිබඳවත් මෙහි දි වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
දිස්ත්‍රික් ක්‍රීඩා අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, පරිපාලන නිලධාරිනී යාමිනී රත්නායක , දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරිනී සුසීමා පරුස්වැල්ල, දිස්ත්‍රික් මූලස්ථාන ක්‍රීඩා නිලධාරී ඩබ්ලිව්.එම්.ඒ. විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



















