ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් වැඩිහිටි අංශය විසින් පවත්වන ඩිජිටල් සාක්ෂරතාවය, අභිප්‍රේරණ, යෝග ව්‍යායාම හා රැකියා උත්පාදනය - 2023 වැඩසටවන් මාලාවේ තුන් වන අදියර අද (21) කෑගල්ල නගර සභා ශාලාවේ දි පැවැත්විණ.

ඒ අනුව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලවල සාමාජිකයන් සදහා කෑගල්ල ආයුර්වේද රෝහලේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් නිරෝගී දිවියක් වෙනුවෙන් යෝග ව්‍යායාම සහිත වැඩමුළුවක් අද දින සංවිධානය කර තිබුණි. ඊට සමඟාමීව හඳුන්කූරු හා ඉටිපන්දම් නිෂ්පාදනය හා ජලභීතිකා රෝගය සම්බන්ධ දැනුවත් කිරිමක්ද අද දින පැවැත්වේ.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරිනී ඩිලානි කුමාරි මහත්මිය ඇතුලු දිස්ත්‍රික් හා ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලවල වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරින්, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.