කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශ යටතේ සේවය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් සඳහා දෙදින ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් 24 ,25 දෙදින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවත්වේ.

මෙම වැඩමුළුවේ පළමු දින වන අද දින (24) විගමණික ශ්‍රමික පවුල් නඟා සිටුවිම වෙනුවෙන් එම පවුල් සදහා සංවර්ධන සැලසුමක් සකස් කිරීම පිළිබඳ දැනුම හා හැකියාව පිළිබඳ දැනුවත් කෙරේ. ඒ සඳහා සම්පත් දායකත්වය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ පුහුණුකරුවන් පුහුණු කිරිමේ සම්බන්ධීකරණ නිලධාරී ලංකා සුමනදාස මහතා විසින් ලබා දි තිබුණි.

දිස්ත්‍රික් සමිබන්ධිකරණ නිලධාරී (විදේශ රැකියා) හරේන්ද්‍ර උඩුමුල්ල මහතා ඇතුලු දිස්ත්‍රික් විදේශ රැකියා අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

එම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් පී.ආර්.එම්.කේ.ගුණරත්න මහත්මිය හා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.