කෑගල්ල දිස්ත්‍රික්කයේ ජලජීවි වගාකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබද විමසා බැලිමේ හමුවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කය විසිතුරු මත්ස්‍ය වගාවට ඉතාමත් සුදුසු පරිසරයක් පවතින අතරම වසර පුරාම ප්‍රමාණවත් ජලය ලැබීම හේතුවෙන් රටටම බලපාන නියං තත්ත්වයක් පවතිත අවස්ථාවලදි වුවත් මත්ස්‍ය නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යා හැකිය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ භාවිතයට ගතහැකි පුරන් කුඹුරු විශාල ප්‍රමානයක් පවතින අතරම මේ වන විටත් අත්හැර දමා ඇති ජල ජීවි ගොවිපලවල් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින අතර වගාකරුවන් මේ සදහා යොමු විමේ අවශ්‍යතාවය දිස්ත්‍රික් ජල ජීවී ව්‍යාප්ති නිලධාරී චන්දන ජගත් කුමාර මහතා පෙන්වා දුන්නේය.
මේ වන විටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ජල ජිවි වගාව ප්‍රචලිත කිරිමේ අරමුණින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය. ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ මිරිදිය මත්ස්‍ය වගාවේ වැදගත් කම පෙන්වා දීම, ව්‍යවසායකයින් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, නිලධාරීන් සඳහා වගා පුහුණු වැඩසටහන් පැවැත්වම, පාසල් විසිතුරු මත්ස්‍ය සංගම් පිහිටුවීම මේ යටතට අයත්ය.
මේ වන විටත් ජල ජීවී වගාකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරුණු අතර ඒ සදහා ලබා දිය හැකි විසදුම් පිළිබඳව ද මෙහිදි අවධානය යොමු විය.
මේ අවස්ථාව සදහා දිසාපති /දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා ජලජීවී වගාකරුවන් ඇතුළු පිරිසක් එක්විය.



















