සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 01 දින දක්වා කෑගල්ල, රඹුක්කන මංගලගම ශ්‍රී විද්‍යා මංගල පිරිවෙන් පුරාණ ටැම්පිට විහාරස්ථානයේ දී නීලගිරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වැඩ සිටින ශ්‍රී සර්වඥ කේශ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සම්බන්ධයෙන් වන සූදානම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (12 ) දින තාක්ෂණික රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ දිසාපති /දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහි දී ආරක්ෂාව, බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම්, ප්‍රවාහන පහසුකම්, විහාර භූමිය සැකසීම, හදිසි ප්‍රතිකාර සේවා ,ජල, විදුලි සැපයුම් ඇතුලු අංශ රැසක් කෙරෙහි අවධානය යොමු කෙරිණි.
එම අවස්ථාවට දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී සතර කෝරළ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් විදුහල්පති පූජ්‍ය දුනුකේවත්තේ සිලවිමල හිමි, ශ්‍රී විද්‍යා මංගල මහා පිරිවෙනේ පූජ්‍ය මොරගොල්ලාගම රාහුල ස්වාමීන් වහන්සේ, අතිරේක දිස්ත්‍රිත් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත මහතා ඇතුළු කේෂත්‍ර රැසක රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.






















