දිස්ත්‍රික් සංස්කෘතික අංශය සංවිධානය කල "රිදී නිම්නය " චිත්‍රපටි ගීතමය වැඩසටහන ඊයේ (12) පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

50 සහ 60 දශකවලට අයත් චිත්‍රපටි ගීත මෙම වැඩසටහනට ඇතුලත්ව තිබූ අතර එම ගීත ගායනය කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකරන ලදී. වැඩසටහන විචාරය කරන ලද්දේ සංවර්ධන නිලදාරිනී නිලූකා කරුණාරත්න මහත්මිය විසිනි.

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරීනී කාංචනා විජේරත්න මහත්මිය ඇතුළු දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, ප්‍රධාන ගණකාධිකාරිනී චාන්දනී නිල්මල්ගොඩ යන මහත්ම මහත්මීන්, කාර්යාලයේ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.