හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් කෑගල්ල දිස්ත්‍රික්කය පුරා විහිදී පවතින හින්දු දහම් පාසල් වෙනුවෙන් අවශ්‍ය මුද්‍රිත දමිළ පොත් සංකේතාත්මකව පිරිනැමීමක් අද (15) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි සිදු කෙරිණි.
එම අවස්ථාවේ දි දැනට හින්දු දහම් පාසල් ආශ්‍රිතව පවතින ගැටලු පිළිබඳවද අදහස් ලබා ගැනිමට කටයුතු කළ අතර ඉදිරියේ දි සියලුම හින්දු දහම් පාසල් ගුරු භවතුන් එක් ස්ථානකට කැඳවා හින්දු දහම් අධ්‍යාපනය නඟා සිටුවිම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සලසන බව අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනිෂා එස්. රත්නායක මහත්මිය ප්‍රකාශ කළා ය.
මෙම වැඩසටහන සංවර්ධන නිලධාරී (හින්දු කටයුතු) නාමල් ප්‍රසාද් සංජය මහතා ඇතුලු දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මින් ,ගුරු භවතුන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.



























