සමබර ජීවිතයකට මනෝ උපදේශන වැඩසටහන් මාලාවේ දෙවන අදියර ඊයේ ( 19) පස්වරැවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

දිස්ත්‍රික් ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශන නිලධාරී එම්.ඩි .එම්.ඉක්බාල් මහතා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මනෝ උපදේශන නිලධාරීන් ඇතුලු පිරිසක් මෙහි දී යහපත් ජීවිතයක් වෙනුවෙන් අවැසි මඟපෙන්විම ලබා දිම සඳහා එක්ව සිටියහ.

එම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්මිය ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් එක්ව සිටිය හ.