අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන සැපයුම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් යටතේ ක්‍රියාත්මක "අපනයනාභිමුඛ ජලජ පැලෑටි සදහා සැපයුම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට" අදාලව පළමු අදියර ලෙසින් දිස්ත්‍රික්කයේ නව වගාකරුවන් දස දෙනෙකු සඳහා ජලජ පැලෑටි මව් ශාක පිරිනැමීම අද දින (03) අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එම අවස්ථාවට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ පින්නලන්ද,දිස්ත්‍රික්ක අපනයන සංවර්ධන නිලධාරිනී කෞශල්‍යා ජයවර්ධන යන මහත්ම මහත්මීන් , කෑගල්ල අපනයන සංවර්ධන නිලධාරීතුමිය, වගාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.























