ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR) මගින් පවතින ඖෂධ අවශ්‍යතාවයට සහනයක් සලසමින් රැපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමින් යුත් ඖෂධ පරිත්‍යාගයක් යටියන්තොට හල්ගොල්ල ප්‍රාදේශීය රෝහල වෙත පිරිනැමීම අද (26) පෙරවරැවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රෙය් දි සිදු කෙරිණි.
දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිශාන්ත ප්‍රේමතිල මහතා සම්බන්ධීකරණය කළ මෙම වැඩසටහන සඳහා දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත,හල්ගොල්ල රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමන්, MONLAR ආයතනයේ පලාත් සම්බන්ධීකාරකතුමන්, පලාත් ජනතා සැලසුම් සංසදයේ පලාත් ලේකම්තුමන් සහ එහි තරුණ මාධ්‍ය කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටිය හ.





















