ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සංවිධානය කරන ලද ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්රතිපත්තිය හඳුන්වා දීමේ පුහුණු වැඩසටහනක් ඊයේ (07) ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී පැවැත්විණි.
ඒ සඳහා සම්පත් දායකත්වය රත්නපුර දිස්ත්රික් ළමාරක්ෂක අධිකාරියේ සම්පත්දායක සංචිතය විසින් ලබාදෙන ලදී.
එම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක මහත්මිය, ළමා හිමිකම් ප්රවර්ධන නිළධාරිනියන්, මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනියන්, ප්රාදේශීය ළමාරක්ෂක නිලධාරිනියන්, උපදේශන නිලධාරිනියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



















