විදේශයන් සදහා භාණ්ඩ තැපැල් සේවාව පිළිබඳ අපනයනාභිමුඛ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (10) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා කෑගල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ තැපැල් අධිකාරි J.P.J.H වික්‍රමරත්න, ප්‍රධාන තැපැල් ස්ථානාධිපති J.P.K.නන්දසේන, අලෙවි සංවර්ධන නිලධාරි ශෂිකලා දිල්රුක්ෂි, කවුළු නිලධාරි චින්තක බණ්ඩාර, තොරතුරු තාක්ෂණ සම්බන්ධීකරණ නිලධාරි මහිශාන් දිසානායක යන මහත්ම මහත්මීන් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් අපනයන සංවර්ධන නිලධාරී කෞෂල්‍යා ජයවර්ධන මහත්මිය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මේ අවස්ථාව සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. පියදර්ශනී, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ මධ්‍යම පළාත් කාර්යාලයේ කණිෂ්ඨ කළමනාකාරතුමන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අපනයන සංවර්ධන නිලධාරීන්, අපනයනාභිමුඛ ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.