×

පණිවුඩය

Invalid Page Request

තරුණ තරුණියන් රැසකට විවිධ වෘත්තීය පුහුණු හා රැකියා අවස්ථාවන් උදා කරදීම අරමුණ කරගත් "දිවියට සවිය "තුන්කෝරළ රැකියාපොල සහ වෘත්තිය පුහුණු අත්වැල ඊයේ (11) දවස පුරා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදි පැවැත්විණි.

යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය හා දැරණියගල යන තුන්කෝරළයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල රැකියා හා වෘත්තිය පුහුණුව අපේක්ෂිත තරුණ තරුණියන් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් මේ සදහා එක්ව සිටි අතර සම්බන්ධ වූ රැකියා හා පුහුණු ආයතන ගණන තිස් හයකි.

මෙම වැඩසටහන යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මියගේ මූලිකත්වයෙන් එම කාර්යාලයේ මානව සම්පත් අංශය ප්‍රමුඛ සමස්ත නිලධාරීන්ගේ එකමුතුවෙන් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරන කමිටුවේ සම සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ,මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් කේ.ජී.එච්.එච්.ආර්.කිරිඇල්ල, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලිප් නිශාන්ත, බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම්තුමිය, විදේශ සේවා කාර්යංශයේ සබරගමුව පලාත් කලමණාකරනතුමා ඇතුළු රාජ්‍ය හා පුද්ගලික ආයතනවල නිලධාරින් හා රැකියා ආයතනවල නිලධාරීන් හා පුහුණු නිලධාරින්, තරුණ තරුණියන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.