දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මානසික සුවය වැඩි කරමින් රාජකාරි හා පුද්ගලික ජීවිතය සමබර අයුරින් ගත කිරීමට උපකාරි වන ලෙස ලිහිලනය හා රංග ප්‍රතිකාර සංකල්ප පිලිබද දැනුවත් කිරීමක් ඊයේ (15)පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.
ඒ සදහා සම්පත් දායකත්වය උපදේශන නිලධාරී (වැඩ බලන) දනුශ්ක ආරියවංශ විසින් ලබා දෙන ලදී.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුහුණු ඒකකය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල් ප්‍රියදර්ශනී , පරිපාලන නිලධාරි යාමිනී රත්නායක යන මහත්මින් ඇතුලු කාර්‍යාල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.























