2023 වර්ෂයේ ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරීමට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් මනෝ උපදේශන වැඩසටහන කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දින මාවනැල්ල ඉල්මා උත්සව ශාලාවේදී පැවැත්විණි.
අසීරු කාලයේ මානසික යහපැවැත්ම සහ අනාගත සමබර ජීවිතයට මගපෙන්වීම යන මැයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශිය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන්, ක්ෂෙත්ර නිලධාරීන්, උපදේශන නිලධාරීන් , සමාජසේවා නිලධාරීන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල නිලධාරීන්, පොලිස් නිලධාරීන් 150 දෙනෙකු පමණ ඉලක්ක කර ගනිමින් මෙම වැඩ සටහන පැවැත්විණි.
මෙම වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය හරහා e - magazine එළි දැක්වීමද මෙහිදි සිදු වු සුවිශේෂි කටයුත්තකි.
අන්තර්ජාලය හා පරිගණකයට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් දේශනයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සායනික මනෝවිද්‍යාඥ කාන්ති හෙට්ටිගොඩ මහත්මිය පැවැත්වු අතර අසීරු අවස්ථාවලදි මානසික යහපැවැත්ම රදවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව දේශනයක් පවත්වමීන් මාවනැල්ල රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය නිපුණ රණවීර මහතා පිරිස දැනුවත් කෙරිණි.
දේශන පැවැත්වු සම්පත් දායක මහත්ම මහත්මීන් හා කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මනෝවෛද්‍ය පි.එව්. .එස් ගුණතිලක මහත්මිය,කෑගල්ල දිස්ත්‍රික් මනෝවිද්‍යා උපදේශක එම්. බ්. එම්. ඉක්බාල් මහතාගේ සහභාගීත්වයෙන් යුතුව විද්වත් කතිකාවක්ද මෙහිදි පැවැත්විණි.
පැමිණ සිටි පිරිස රස ගන්වමින් වරකාපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මහේෂ් අමරකෝන් මහතා ප්රමුඛ නාට්‍ය කණ්ඩායම විසින් අන්තර් ජාලය අනිසි භාවිතය හේතුවෙන් පවුල් සංස්ථාවේ බිද වැටිම පෙන්නුම් කරන නාට්‍යයක් ඉදිරිපත් කෙරිණි.
මානසික යහපැවැත්ම ප්‍රවර්ධනයට රංග චිකිත්සාමය මගපෙන්වීමක් තේමාව යටතේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩසටහනක්ද මහනුවර දිස්ත්‍රික් මනෝවිද්‍යා උපදේශන නිලධාරී කණ්ඩායම විසින් පැවැත්විය.
මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් මනෝවිද්‍යා උපදේශක එම්.බ්.එම්.ඉක්බාල් මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උපදේශන අංශය හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල මනෝවිද්‍යා උපදේශක නිලධාරීන්ගේ සංවිධානයෙන් රාජ්‍ය නොවන සංවිධාන වල අනුග්‍රහයෙන් පැවැත්විණි.


































