කෑගල්ල දිස්ත්‍රික්කයේ අපනයන සංවර්ධන නිලධාරීන් මඟින් ක්‍රියාත්මක කරනු ලබන අපනයනාභිමුඛ ජලජ පැලෑටි සැපයුම් ප්‍රවර්ධන වැඩසටහනෙහි දෙවන අදියර යටතේ මවුශාක බෙදා දීමක් පසුගියදා (24) දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් /දිසාපති රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු විය.

මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ "තිෂූ ඇක්වා" අපනයන සමාගම වෙතින් ලබාගත් මවුශාක වගාකරුවන් 10 දෙනෙකු සදහා එහිදී ලබාදුණි.

දිස්ත්‍රික් අපනයන සංවර්ධන නිලධාරීනී, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපනයන සංවර්ධන නිලධාරීන් විසින් මෙය සංවිධානය කරන ලදී.