දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුරක්ෂිත කවය මගින් සංවිධානය කළ ආයුර්වේද වෛද්‍ය සායනයක් අද (28) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව පින්නවල ආයුර්වේද පංචකර්ම ඒකකය සහ කෑගල්ල ආයුර්වේද මූලික රෝහලේ සම්පත් දායකත්වයෙන් කාර්යාලයේ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සායන පැවැත්විණි.

ශීර්ෂ සම්බාහන, කායික මානසික සුවතා සඳහා ප්‍රතිකාර, රූපලාවණ්‍ය ප්‍රතිකාර, සන්ධි රෝග ඇතුළු රෝග සඳහා ප්‍රතිකාරත් , වෛද්‍ය සායනයක් සමගින් නොමිලේ බෙහෙත් ලබා දීමක්ද අද දින සිදු කෙරිණි.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල මහතා ඇතුළු දිස්ත්‍රික් ආපදා අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.