කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හමුව දිසාපති / දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්විය.
ඒ අනුව 2023 වසරට අදාළව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අලුත් වැඩියා කටයුතු සහ දියුණු කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා, දැනට ක්‍රියාත්මක අලුත් ගමක් - අලුත් රටක්, අස්වැසුම ඇතුලු සංවර්ධන වැඩසටහන්, ආබාධිත තැනැත්තන් සඳහා නිවාස යෝජනා ව්‍යාපෘති ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




















