ළමා ආරක්ෂාව හා ළමා සංවර්ධන විෂයට අදාළව දිස්ත්‍රික්කයේ ප්‍රගතිය විමසා බැලෙන දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව අද (14) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රැස්විය.
ඒ අනුව ළමා සෞඛ්‍ය, මත්ද්‍රව්‍ය, ළමා අපයෝජන හා ළමා අපචාර ,අධ්‍යාපනය, භාරය, ආරක්ෂාව හා ආයතන ගත කිරීම, කොට්ඨාස මට්ටමින් ප්‍රාදේශීය ළමා කමිටුවල ගැටලු මෙහිදී සාකච්ඡා කෙරිණ.
2023 වසරේ මේ දක්වා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම් වලක්වාලීම සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මගින් වැඩසටහන් අසූ පහකින් පුද්ගලයන් 32293 දැනුවත් කර ඇති අතරම මත්ද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කෑගල්ල දිස්ත්‍රික්කය දිවයිනෙන්ම පළමු තැනට ගෙන ඒම සඳහා වැඩසටහන් දියත් කර ඇත.
පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිගයක් පවතින බවත් ඒ සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් හෙළි විය. ලබන වසරේ ජනවාරි මස ඇතුළත කෑගල්ල දිස්ත්‍රික්කයේ පෙරපාසල් සීයක් සඳහා ඉගෙනුම් කට්ටල ලබාදීමට අවශ්‍ය පියවර මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවද මෙහිදී සඳහන් විය.
රුවන්වැල්ල, මාවනැල්ල, කෑගල්ල හා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ඇති පරිවාස කාර්යාල හරහා අවදානම් දරුවන් හඳුනා ගැනීම නොකඩවා ක්‍රියාත්මකයි. හඳුනාගත් දරුවන් සඳහා ළමා නිවාස හතක් ඔස්සේ භාරයේ ආරක්ෂාව අවැසි දරුවන් ඒ සඳහා යොමු කර රැකවරණය ලබාදීමටද කටයුතු කර තිබේ.
ළමා ශ්‍රමය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර වයස අවුරුදු දහසයට අඩු දරුවන් ඒ සඳහා යොමු වන බවට නිල තොරතුරු කිසිවක් වාර්තා නොවන නමුත් නිරන්තරයෙන් සියලු ම ආයතන කම්කරු දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරයි.
තවද මව්වරුන් විදෙස්ගත වීම හේතුවෙන් දරුවන්ගේ රැකවරණය අහිමිවීම පිළිබඳ ද මෙහිදී සාකච්ඡා කෙරිණි.දරුවාගේ වයස පහේ සීමාව වයස අවුරුදු දෙක දක්වා අඩු කර තිබීම හේතුවෙන් දරුවන්ගේ රැකවරණය හා ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පත්ව තිබේ.
දිස්ත්‍රික් ලමා අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ටී. ඒ. පී කුසුම්සිරි යන මහත්ම මහත්මින්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ළමා හා කාන්තා විෂයන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


























