ප්‍රවින ගිත රචක,ගිත විචාරක ධම්මික බන්ඩායන් සමග දෙරණ පැය 24 රූපවාහිනී නාලිකා සහ ලියා රූපලාවණ්‍ය සමාගමේ පුර්ණ අනුග්‍රහයෙන් පවත්වන "සෙනෙහසේ කැදැල්ල" සෞන්දර්ය චාරිකාව දෙපැයක් පුරා ඊයේ (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරි මනෝරි දෙහිමඩුව මහත්මිය විසිනි.
සෞන්දර්ය චාරිකාවේ සංගීත අංශය භාරව කටයුතු කරන ලද්දේ කළමනාකරණ සේවා නිලධාරී මොහාන් අරුණ කුමාර මහතා විසිනි.

එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ , අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත ‍යන මහත්වරුන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්‍ය මණ්ඩලය එක්ව සිටියහ.