කළමනාකරණ සහයක සේවයේ පළමු ශ්‍රේණියට උසස් කිරිමේ දින 10 පාඨමාලාව අවසාන කල නිලධාරීන් සදහා සහතික පත් ප්‍රදනය කිරිම ඊයේ (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි සිදු කෙරිණි.

තොරතුරු දැනගැනීමේ පනත සහ පාරිභෝගික සත්කාරය, රාජ්‍ය මූල්‍ය හා වත්කම් කළමනාකරණය, සංවිධාන ඵලදායිතාව, විනය ක්‍රියාපටිපාටිය, ප්‍රසම්පාදනය ඇතුලු කරුණු රැසකින් එම පාඨමාලාව සමන්විත විය.

දිස්ත්‍රික් පුහුණු ඒකකය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

සහතික ප්‍රදානය කිරීමේ අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ , අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලිප් නිශාන්ත ,සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල් ප්‍රියදර්ශනී , අවසන් දින සම්පත් දායකත්වය ලබා දුන් විශ්‍රාමික ප්‍රදාන අභ්‍යන්තර විගණක එන්. ආර් කරුණාරත්න යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

<p