දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුභසාධක සංගමයට අනුබද්ධව ක්‍රියාත්මක වන “දිදුල“ මුල් ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය හා විශේෂ නත්තල් සැමරුම අද (21) දිදුල පෙරපාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් මුල් ළමා විය සංවර්ධන නිලධාරිණි භද්‍රා අබේවික්‍රම මහත්මිය සහ දිදුලි පාසලේ ගුරු භවතුන් විසිනි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී,ප්‍රධාන අභ්‍යන්තර විගණක තුෂාරි ජයවර්ධන යන මහත්ම මහත්මීන්, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂතුමිය, පරිපාලන නිලධාරීතුමිය,නියෝජ්‍ය ව්‍යාපෘති නිලධාරි (කලාප අධ්‍යාපන කාර්යාලය),මුල් ලමාවිය සංවර්ධන නිලධාරී (කෑ.ප්‍රා.ලේ.කා), ග්‍රාම නිලධාරීතුමන් ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, දිදුල පෙර පාසලේ ගුරු භවතුන්, දෙමව්පියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




































