ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන දිරිය ව්‍යවසායකයින්ගේ නිර්මාණශීලිත්වයෙන් හැඩ ගැන්වුනු "කෑගලු ව්‍යවසාය" - 2023 අලෙවි පොල හා අලෙවි ප්‍රදර්ශනය අද ((27) කෑගල්ල නගර සභා ශාලාවේ දි දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ සුරතින් විවෘත විය.
සහනදායි මිල ගණන් යටතේ අත්කම් භාණ්ඩ, නිමි ඇඳුම්, සැකසූ ආහාර, පාවහන්, අත් බෑග් ඇතුලු නිෂ්පාදන රැසකින් සමන්විත මෙම අලෙවි පොල අලෙවි කුටි හැටකට වඩා මෙවර පවතින අතර 27 හා 28 යන දෙදින උදේ 9 සිට සවස 6 තෙක් කෑගල්ල නගර සභා ශාලාවේ දී විවෘතව පවතී.
දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ ට්‍රින්සි මනෝජා මහත්මිය ඇතුලු එම අංශය මෙම වැඩසටහන සංවිධානය කරයි.
එම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි යන මහත්මියන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් ,රාජ්‍ය නිලධාරීන් , ව්‍යවසායකයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.


































