ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමයට දායකත්වය ලැබූවන්ට විශ්‍රාම වැටුප් පොත් පිරිනැමීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) සිදුකෙරිණි.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශණී, ජෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී (සමාජ ආරක්ෂණ) වයි.එච්.එම්.එස් හේරත් යන මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.




















