දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් සංවිධානය කරන ලද, කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පාරිබෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යභාරය රාජ්‍ය ආයතනවලට වැදගත් වන්නේ ඇයි, පාරිභෝගික අයිතිවාසිකම් හා යුතුකම්,වෙළද විෂමාචාරවලින් ආරක්ෂා වන ආකාරය ඇතුලු කරැණු රැසක් සම්බන්ධයෙන් මෙහිදි කරැණු පැහැදිලි කෙරිණි.
එම දැනුවත් කිරිම සඳහා සම්පත් දායකත්වය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (බාස්නාහිර පලාත්) ගාමිණි අතපත්තු මහතා විසින් ලබා දී තිබූ අතර ඒ සඳහා මධ්‍යම පරිසරය අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය, උසස් තාක්ෂණ ආයතනය, තැපැල් අධිකාරි කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.





















