දිස්ත්‍රික්කය තුළ සිටින නව ව්‍යවසායකයන් හඳුනා ගැනීමටත්, දැනට සිටින ව්‍යවසායකයන් දිරිගැන්වීම තව දුරටත් පුළුල් කිරීම අරමුණු කර ගනිමින් ඊට අදාළ විෂයන්හි නිරත ක්ෂේත්‍ර නිලධාරීන් සදහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් අද (08) ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ සඳහා සම්පත් දායකත්වය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් ලසන්ත කාරියප්පෙරුම මහතා විසින් ලබාදී තිබුණි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන අංශය විසින් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් (ඉඩම්) දිලීප් නිශන්ත මහතා , ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදාතා, අපනයන සංවර්ධන, රැකියා ප්‍රවර්ධන, නිපුණතා, ඵලදායිතා, මානව සම්පත්, වනිතා යන විෂයයන්ට අදාළ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.