සුබසාධක සංගමයට අනුබද්ධිතව පවත්වාගෙන යනු ලබන "දිදුල" මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට 2024 වර්ෂය සඳහා නවක දරුදැරියන් බඳවා ගැනීම හා නව වසරේ පෙර පාසල ආරම්භ කිරීම පසුගියදා සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණි.

මෙහිදී පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවා සෙත්පිරිත් සජ්ඣායනය කරන ලද්දේ තරණගල පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා විසිනි.

මෙම අවස්ථාවට සිසු දරු දැරියන් 27 දෙනකු සහභාගි වූ අතර දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී භද්‍රා අබේවික්‍රම මහත්මිය , පෙරපාසල් ගුරුතුමියන් දෙපළ, දෙමාපියන් ඇතුළු දූ දරුවන් රැසක් සහභාගි වුහ.