දෙමළ හින්දු බැතිමතුන්ගේ අස්වනු මංගල්‍යය හෙවත් තෛපොංගල් උත්සවය සැමරීම අඹන්පිටිය ශ්‍රී මුත්තුමාරි අම්මාන් කොවිලේදී උත්සවශ්‍රීයෙන් අද (18) පෙරවරුවේ දී පැවැත්විණි. වැඩි අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ට ස්තුති කිරීම වෙනුවෙන් තෛපොංගල් මගල්‍යය සැමරෙන අතර කොවිල් පරිශ්‍රයේ අද පැවැති උත්සවය විවිධ සංස්කෘතිංක අංග රැසකින් සමන්විත විය.
මෙවර දේව පූජාව පැවැත්වූයේ අඹන්පිටිය ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ භාරකාර තිබාකරන් ශර්මා පුජකතුමන් විසිනි.
මෙම අවස්ථාව පොංගල් බත ඉවීම හා හිරු දෙවියන් නමස්කාර කිරීම, කෝලම් රටා ඇඳීම, අඹන්පිටිය බිසෝවෙල වසමේ දරු දැරියන් විසින් ඉදිරිපත් කල විවිධ සංස්කෘතික නර්තන ආදී විවිධාංග රැසකින් සමන්විත විය.
එමෙන්ම පාසල් දරුවන්ගේ කෝලම් රටා ඇඳීමේ තරඟයක් ද සංවිධානය කර තිබුණු අතර එහි ජයග්රාහකයින්ට ත්‍යාග ලබා දීමට ද කටයුතු කෙරිණි .
මෙම තෛපොංගල් දින සැමරුම් උත්සවය දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි කාන්චනා විජේරත්න මහත්මිය ඇතුලු දිස්ත්‍රික් සංස්කෘතික අංශය හා දිස්ත්‍රික් හින්දු කටයුතු නිලධාරී ඒස්.පී.ඒන්.පී සංජය මහතා විසිනි සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී. එස් නිශාන්ත, ගලිගමුව ප්‍රාදේශිය ලේකම් සුසන්ත හේරත්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, පරිපාලන නිලධාරිනී යාමිණි රත්නායක යන මහත්ම මහත්මීන් , අඹන්පිටිය දමිළ විද්‍යාලයේ විදුහල්පති, අනුග්‍රාහක භවතුන්. බිසෝවෙල වසම නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් , බිසෝවෙල වසමේ දරු දැරියන් , ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.