සබරගමු පළාත් ආණ්ඩුකාරවර උපකාර්යාලයක් කෑගල්ල රතඹලාවත්තේදී (02)පසුගියදා සබරගමු පළාත් ආණ්ඩුකාරවර අධි නීතිඥ නවීන් දිසානායක මහතා අතින් විවෘත කෙරිණි.
මෙම කාර්යාලය පිහිටුවීමේ අරමුණ වූයේ මෙතෙක් කෑගල්ල දිස්ත්රික්කයේ ජනතාවට තම සේවාවන් ලබා ගැනීමට රත්නපුර පිහිටි ප්රධාන ආණ්ඩුකාර කාර්යාලයට යෑමට සිදු වූ අතර මින් ඉදිරියට කෑගල්ල දිස්ත්රික් ජනතාවගේ කාලය හා ධනය අවම කරගනිමින් කාර්යක්ෂම සේවාවක් ලබාදීමයි.
එම අවස්ථාවට කෑගල්ල දිස්ත්රික් දේශපාලන නියෝජිතයින් , දිසාපති /දිස්ත්රික් ලේකම් රංජන ජයසිංහ මහතා, රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.























