කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැකියා ප්‍රවර්ධන අංශය මගින් DSI ආයතනය සඳහා සංවිධානය කරනු ලැබූ රැකියා ගත කිරීමේ වැඩසටහනක් (02) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර ඒ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය පුරාවට විසිරී සිටින රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සියයකට ආසන්න පිරිසක් සහභාගි විය.
DSI ආයතනයේ මානව සම්පත් කළමනාකරු (බඳවා ගැනීම් හා පුහුණු) නෙල්සන් රාජපක්ෂ මහතා හා තවත් නිලධාරීන් විසින් මෙහිදී මූලික සම්මුඛ පරීක්‍ෂණ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර එම ආයතනයේ පවතින නිෂ්පාදන අංශයේ පුරප්පාඩුවලට අමතරව තොරතුරු තාක්ෂණ අංශය, ගිණුම් හා කාර්යාල ගබඩා සහ ප්‍රවාහන, විකුණුම් හා අලෙවිකරණ , ආරක්ෂක යන අංශවල පවත්නා විවිධ පුරප්පාඩුවලට අදාළව බඳවා ගැනීම් සඳහා අවශ්‍ය සුදුසුකම්ලත් පිරිස මෙහිදී තෝරා ගැනීම සිදු කරන ලදී.























