විදේශගත වීමට මූලික අවශ්‍යතා ලෙස සැලකෙන පිළිගත් ආයතනයක විදේශ රැකියා ඉලක්ක කරගත් පුහුණු ලබාදීම සහ විදේශ භාෂාවක් ප්‍රගුණ කිරීම ඉතා වැදගත් වේ. එමෙන්ම පුහුණු ශිල්පීන් සහතික කර රැකියා සඳහා යොමු කිරීම, පුහුණු තරුණ තරුණියන් නව පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීම,විදේශ රැකියා සඳහා මගපෙන්වීම හා ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සහාය වීම යන සේවාවන් ජනතාව අතර ප්‍රචලිත කිරීම යන අරමුණු ද අතිශයින්ම වැදගත් වන අතර ඒවා ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (06) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව දිස්ත්‍රික්කය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාලව කරුණු කාරණා හා යෝජනා රැසක් සාකච්ඡාවට ලක් කෙරිණි.
එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ. වීරකෝන්, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය දිස්ත්‍රික් කළමනාකරු ජනක රණරාජා, උප සභාපති එච්.හරිස්චනද්‍ර, සහකාර අධ්‍යක්ෂ අලෙවිකරු හා වෘත්තීය මාර්ගෝපදේශ ප්‍රියන්ත යන මහත්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, නිපුණතා සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.























