කෑගල්ල දිස්ත්‍රික්කයේ නව අග්‍රහාර කාර්යාලය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය හා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතින් අද (12) පෙරවරුවේදී කෑගල්ල කච්චේරිය පරිශ්‍රයේ සුභසාධක අපනශාලාව අසලදී විවෘත කෙරිණි.

වසර 17 කාලයක් පුරාවට රාජ්‍ය සේවකයන් වෙනුනේ විශිෂ්ට සේවාවක් ජාතික රක්ෂණ භාර අරමුදල ඉටු කරයි. කාර්යමණ්ඩලය පුළුල් කර නව කාර්යාලයක් විවෘත කිරිම මගින් ඉදිරියේදී රාජ්‍ය නිලධාරින්ට සහ මහජනතාවට වඩාත් ළුලදායි හා කාර්යක්ෂම සේවාවක් සැලසෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනි, සම්බන්ධිකරණ කමිටු සභාපති රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය කාන්ත ගුණතිලක මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා, ජාතික අග්‍රහාර රක්ෂණ අරමුදලේ සභාපතිනී සගලා රත්නායක මහත්මිය ඇතුළු ජාතික අග්‍රහාර රක්ෂණ අරමුදලේ නිලධාරීන්, රාජ්‍ය සේවකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා එක් වුහ.