දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමයට අනුබද්ධිතව ක්‍රියාත්මක වන "දිදුල" පෙර පාසලේ 2023 වසරේ වාර්ෂික විවිධ ප්‍රසංගය ඊයේ (14) පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
දිදුල පෙර පාසලේ දරුවන්ගේ නර්තනයෙන්, ගායනයෙන්, රංගනයෙන් හැඩ වැඩ වුණු මෙම ප්‍රසංගයට මෙවර එහි දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවන්ගේ විශේෂාංගයක්ද එක් කර තිබුණි.
විවිධ ප්‍රසංගය අවසානයේ මෙම වසරේ දී පළමු වසරට ඇතුළත් වන දරුවන් සඳහා සහතිකපත් සමගින් ත්‍යාගද ලබාදීමට කටයුතු කර තිබුණි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනි සුදාරිකා චන්ද්‍රසිරි මහත්මිය ඇතුළු එම අංශය විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) කේ.ජී.එස් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත යන මහත්වරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරිනී භද්‍රා අභයවික්‍රම මහත්මිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, දිදුල පෙර පාසලේ ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, සිසු දරු දැරියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



































