"ජයගමු ශ්‍රී ලංකා" ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භය ඊයේ (23)පෙරවරුවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නනායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවතේදී ඇරඹිණි.

මෙම වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ මෙහෙයවීමෙන් වැඩසටහන් රැසක් පැවැත්වේ. ඒ අනුව විදෙස් රැකියා සඳහා යොමුවිමට මඟපෙන්වීම, විදේශ රැකියා පුහුණු අවස්ථා, වෘත්තීය පුහුණු අවස්ථා සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සේවාවන් මෙහිදි ලබාගත හැකිය.

විදෙස් ගතවී මෙරටට පැමිණ ස්ව උත්සාහයෙන් දියුණු වූ පුද්ගලයින් හත් දෙනෙක් අගයමින් ඔවුන්ගේ ස්වයං රැකියා සඳහා මූලය පරිත්‍යාග ලබාදීම, විගාමික පවුල්වල පාසල් දරුවන් සඳහා පාසැල් උපකරණ ලබාදීම, අබාධිත පුද්ගලයින් සඳහා රෝද පුටු හා ඇස් කණ්ණාඩි ලබාදීම, කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් පසැල් 11 කට ස්මාර්ට් පංති කාමර උපකරණ ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.

එම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, සම්බන්ධීකරණ කමිටු සමසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන අධිකාරිය දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, අමාත්‍යාංශ ලේකම් ආර්.පි.ඒ.විමලවීර, කම්කරු කොමසාරිස් ජනරාල් අශෝක ජයසුන්දර, මිනිස්බල හා රැකිරක්ෂා අධ්‍යක්ෂ ජනරාල් කේ.ජි.එච්.එච්.ආර්.කිරි ඇල්ල, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුන් හා ප්‍රාදේශ ලේකම්වරුන්, විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ සභාපති(වැඩ බලන) සමින්ද ජයසේකර, පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර බි.ඒ.රොහිණි ‍යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභින් රැසක් සහභාගි වුහ.