ජයගමු ශ්‍රි ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව පසුගිය 23,24 දිනයන්හිදි වැඩ සටහන් රැසක් කෑගල්ල නිදහස් මවතේදී පැවැත්විණි.
විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන්, නීතිඥවරුන් හා බලපත්‍රලාභීන් දැනුවත් කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විදේශ රැකියා ක්‍ෂේත්‍රයේ මිනිස් වෙළඳාම සම්බන්ධ නීතිය පිළිබඳව ආරාධිත දේශනය පැවැත්වූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ශ්‍රේෂ්ඨ අධිනීතීඥ අකිලා දල්පදාදු මහත්මිය විසිනි.
මීට සමගාමීව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින්ට සුභපතමින් ඇගයීම් සහතික පිරිනැමීම ද මෙහිදි සිදුකෙරිණි.




























