දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය සංවිධානය කළ දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථාවන් උදාකරලීමේ සම්මුඛ පරීක්‍ෂණයක් අද (12) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝස්ලයෙන් පිඟන් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රෝයල් ෆර්න්වූඩ් පෝසිලයෙන් ආයතනයේ පවතින පුරප්පාඩු 160 ක් සඳහා තරුණ තරුණයන් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්‍ෂණ මෙහිදී සිදු කෙරිණි.

එම අවස්ථාවට තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටි අතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් ගම්ලත් මහතා , දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.