විදුලි මාර්ග සඳහා අවශ්‍ය මාර්ග අවසරය,ගස් හෝ අතු කපා බිම හෙලීම සහ වන්දි තීරණය කිරීම හා වන්දි ගෙවීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශයන් පිළිබඳව දැනුවත් කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් සැසියක් පසුගියදා (14) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි සිදුකෙරිණි.
ඒ සදහා ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල විදුලි විෂය නිලධාරින් එක්ව සිටි අතර ශ්‍රී ලංකා උපයෝගිතා කොමිශන් සභාව මෙම වැඩසටහන මෙහෙයවන ලදී.
මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද්දේ දිස්ත්‍රික් පුහුණු ඒකකය විසිනි.
එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ, මහජන උපයෝගිතා කොමිශන් සභාවේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.






















