දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එලදායිතා අංශයේ සංවර්ධන නිලධාරී අමාලි විජේවර්ධන මහත්මියගේ කුළුදුල් කෘතිය “නටන්න ආස කක්කුටු පැටියා” දොරට වැඩීම අද (18) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධිත දිදුල පෙර පාසලේදි සිදු කෙරිණි.
කෘතිය පිළිගැන්වීමේ අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම්( ඉඩම්) දිලීප් නිශාන්ත, පරිපාලන නිලධාරිනි යාමිණි රත්නායක යන මහත්ම මහත්මින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, දිදුල පෙර පාසලේ ආචාර්ය මණ්ඩලය හා එම දරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
























