මෙම වසරේ පළමු කාර්තුවට අදාළ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සම්බන්ධීකාරක කමිටුව අද (22) පෙරවරුවේ දී රැස්විය.
ව්‍යවසායකයන් දිරිගැන්වීම, ළමා හා කාන්තා සුභ සාධනය, ආබාධ සහිත වූවන් දිරිගැන්වීම, වැඩිහිටි රැකවරණය , තරුණ තරුණියන් බලගැන්වීම, දේශපාලනය සඳහා කාන්තාවන් සහභාගි කරවා ගැනීම,මත්ද්‍රව්‍ය නිවාරණය, ආපදා කළමනාකරණය, ආහාර සුරක්ෂිතතාවය, දේශීය ආහාර ප්‍රවර්ධනය, ග්‍රාමීය ප්‍රජාව සවි බල ගැන්වීම සහ සංවර්ධනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළු විෂය පථයන් රැසකට අදාළව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයන්හි පසුගිය වසරේ අවසන් කාර්තුවෙහි ප්‍රගතිය හා නව වසරේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
රාජ්‍ය නොවන සංවිධානයන් විසින් දිස්ත්‍රික්කයේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන තම ව්‍යාපෘතීන් රාජ්‍ය ආයතන හා එක්ව තිරසාර වැඩපිළිවෙළක් ලෙසින් සිදුකිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුනි.
දිස්ත්‍රික්කයේ පවතින කුසලතා මධ්‍යස්ථානවල සේවය කරන ස්වේච්ඡා සේවකයන් සඳහා අවශ්‍ය පුහුණුව සහ අනුග්‍රහකත්වය ලබාදීම,දහම් පාසල් ගුරුවරුන්ට ව්‍යවසායකත්වය පිළිබඳව දැනුවත් කිරීම,දෙමාපියන් නොමැති දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම, ආහාර සුරක්ෂිතතාවය සඳහා දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කොට ඇති ගම්මාන 11 සඳහා අනුග්‍රහකත්වය ලබාදීම, ආන්තිකරණයට ලක් වූ පවුල්වල සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා පවතින රාජ්‍ය වැඩසටහන්වලට අවශ්‍ය දායකත්වය ලබාදීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිශාන්ත ප්‍රේමතිලක මහතා විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ. වීරකෝන් යන මහත්වරුන්, ක්ෂේත්‍ර නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.






















