මිනිස් ජාවාරමට එරෙහි සිවිල් සංවිධාන බලගැන්වීම ව්‍යාපෘතිය පිළිබඳව විදේශ රැකියා අංශය මගින් සංවිධානය කරන ලද දිස්ත්‍රික් සුරක්ෂිත සංක්‍රමණ සංසදය ඊයේ දින ( 21 ) පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමන් නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවනාගාරයේදීයි.
තැනැත්තන් වෙළඳාම හෙවත් මිනිස් ජාවාරම ලෝකයේ සෑම රටකම ව්‍යාප්තව පවතින්නක්. මෙය ලංකාව තුළද මේ වනවිට ක්‍රියාත්මකව පවතින්නේ දැඩි අවදානම් තත්ත්වයකයි. 2023 වර්ෂයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ අවදානම් තත්ත්වයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක් තෝරාගෙන මෙම උග්‍ර අවදානම් තත්ත්වයේ ඇති ගැටලුවට විසඳුම් සෙවීමටයි ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද්දේ. ශ්‍රී ලංකාව තුළ මේ තත්ත්වය ඉතාමත් අවදානම් සහගත ලෙස සිදුවන සහ සිදුවීමට අවකාශ ඇති කාරණයක් ලෙසයි මෙය හැඳින්විය හැක්කේ. මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ ව්‍යාපෘති කළමනාකරු චමින්ද මහතා: USAID මුල්‍ය ආධාර යටතේ SAFE FOUNDATION මගින් මිනිස් වෙළඳාමට එරෙහි සිවිල් සමාජ සංවිධාන බල ගැන්වීම සහ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මිනිස් වෙළඳාමට එරෙහිව මේ වන විට දායකත්වය සපයමින් සිටිනවා. මෙම ව්‍යාපෘතිය 2023 වර්ෂයේ ආරම්භ කළ අතර මෙය බිම් මට්ටමින් බලගැන්වීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කළා. මේ වන විට ලංකාවේ දිස්ත්‍රික්ක 12 ක මෙය ක්‍රියාත්මකයි. මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයද දැඩි අවදානම් තත්ත්වයක පවතින බැවින් ඒ පිළිබඳව සක්‍රීයව වැඩ කළ යුතු දිස්ත්‍රික්කයක් ලෙස හඳුනාගෙන. තිබෙනවා. මේ යටතේ 2023 වර්ෂයේ දෙහිහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක් හඳුනාගෙන තිබෙනවා. මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පෞද්ගලික අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කළ යුතුයි. එමෙන්ම විදේශ රැකියා අමාත්‍යාංශය, කාන්ත හා ළමා කටයුතු අමාත්‍යංශය, විදේශ රැකියා කටයුතු අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ඒකාබද්ධව මෙම අපරාධයට නීතිමය කටයුතු කරන සංසදය ලෙස ජාතික කාර්ය සාධක බලකාය පත්කර තිබෙනවා.
මිනිස්සු වෙළඳාම සම්බන්ධයෙන් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව මේ වනවිට ශ්‍රී ලංකාව පවතින්නේ දෙවන ස්ථානයේයි. සමස්ත ලෝකයම දෙවන ගණයේ අපරාධයක් ලෙස දකින මෙම අවධානමට මුහුණ දීමට බිම්මට්ටමින් රාජ්‍ය, පෞද්ගලික හා රාජ්‍ය නොවන සංවිධාන ලෙස අප කටයුතු කරන්නේ කෙසේද? යන ගැටලුවටයි අප දායකත්වය සපයන්නේ. ඒ සඳහා 2023 වර්ෂයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන 10 ක් බල ගන්වා තිබෙනවා. දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ තුළ අදාල විෂය සම්බන්ධයෙන් දැනුවත් කර එම ආයතන සංවර්ධනය කර අවශ්‍ය සියලු යටිතල පහසුකම් සපයනවා. ඊට අමතරව ප්‍රාදේශීය මට්ටමේ සිට ඉහළට යන ආකාරයට ප්‍රාදේශීය සංසද, දිස්ත්‍රික් සංසද හා ජාතික සංසද පිහිටුවා මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා.
ඉහත සඳහන් කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහට අමතරව මෙම වර්ෂයේ අපේක්ෂිත ඉලක්කවලට අමතරව විෂය පථය තුළ අවධානයට ලක් වූ ගලිගමුව සහ අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක හඳුනාගෙන තිබෙනවා. 2023 වර්ෂයේ හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකකට රුපියල් 50000 /= බැගින් මාස 11කට රුපියල් 5500000 /= ක් සිවිල් සමාජ බලගැන්වීම සඳහා වෙන් කළා. ඉන් 500000 /= ගණනේ ආයතන නවයකුත් 200000 /= ගණනේ ආයතන දෙකකුත් මුදල් ලබා ගත්තා. ඉතිරි මුදල් හරවා යවන්නට සිදුවුණා. 2024 වර්ෂයේ එක් ආයතනයක් සඳහා වෙන් කරනු ලබන රුපියල් 50000 /= ක මුදල රුපියල් 60000 /= දක්වා වැඩිකර තිබෙනවා. මාස එකොළහක් සඳහා රුපියල් 6600000 /= ක් සිවිල් සමාජ සංවිධානවලට වෙන්කර තිබෙනවා.
ඊට අමතරව 2023 වර්ෂයේදී විෂය පථය පිළිබඳ දැනුම ඇති රාජ්‍ය නිලධාරීන් 240 කට සම්පත් දායකයින් මාර්ගයෙන් දැනුම ලබාදීම, සිවිල් සමාජ සාමාජිකයින්ට, පෞද්ගලික පාර්ශ්වකරුවන්ට, සිවිල් සමාජ සාමාජිකයින්ගේ ප්‍රධානීන්ට, තරුණ කණ්ඩායම්වලට, තරුණ කණ්ඩායම්වල නායකයින්ට පුහුණුවීම් ලබා දී තිබෙනවා. රාජ්‍ය අංශයට අදාළව මිනිස් වෙළඳාමට එරෙහිව ප්‍රාදේශීය සංසද පිහිටුවීම, දිස්ත්‍රික් සංසද පිහිටුවීම, වතු නායකයින් ඉලක්ක කර සංසද පිහිටුවීම ආදී විශාල ව්‍යාපෘති රැසක් 2023 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ මිනිස් වෙළඳාම වැළැක්වීම, ආරක්‍ෂාව සැපයීම, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හා නීතිමය තත්ත්වයන්ට යොමු කිරීම යන දිශානතීන් ඔස්සේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මිනිස් වෙළඳාම අවම මට්ටමක පවත්වා ගැනීම සඳහායි.
මෙම සභා වාරයේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත මහත්මා විමසා සිටියේ රාජ්‍ය නොවන සංවිධාන විසින් රාජ්‍ය නොවන සිවිල් සංවිධාන නිලධාරීන්ට මුදල් වෙන් කිරීමේදී මුදල් වියදම් වූ ආකාරය පිළිබඳව 2023 වර්ෂයේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවයි. එමෙන්ම 2024 රාජ්‍ය නොවන සංවිධාන මගින් වින්දිතයන් හමු නොවන බව පැවසුවද පසුගිය වර්ෂයේදී දිස්ත්‍රික්කය තුළ වින්දිතයන් හමුවූ බවත් විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් සමග සෘජු සබඳතාවක් පවත්වා ගත්තාද යන්න මෙහිදී එතුමන් විසින් විමසා සිටියේය. එතුමන් අවධාරණය කර සිටියේ රාජ්‍ය නොවන සංවිධාන දිස්ත්‍රික්කයේ මිනිස් වෙළඳාමට එරෙහිව කරනු ලබන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එය විනිවිදභාවයකින් සහ වගකීමකින් යුතුව සිදුවීමට නම් රාජ්‍ය අංශයේ විෂය පථයට අදාළ සියලු රාජ්‍ය නිලධාරින් දැනුවත් විය යුතු බවයි. මුදල් වියදම් කරන ආකාරය නිවැරදිව වාර්තා විය යුතු බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙයට මැදිහත්ව සිටිනවා නම් හෝ එසේත් නොමැති නම් අපගේ රාජ්‍ය නිලධාරීන් මේ කටයුත්තට සම්බන්ධව සිටිනවා නම් දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධානයේ සම්බන්ධීකරණ නිලධාරියා දිස්ත්‍රික් ලේකම්තුමන් වෙත එහි ප්‍රගතිය පිළිබඳ වාර්තා කළ යුතු අතර මෙම මුදල් බෙදාදීම සහ ඉන් කළ සේවාව පිළිබඳව සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්තුමන් මධ්‍යම රජයට වාර්තා කළ යුතු බවයි.
වතු ආශ්‍රිත ළමුන් සඳහා දැනුවත් කිරීම් වැඩසටහන් පවත්වන්නේ නම් එය ඔවුන්ට කරන විශාල උදව්වක් බවයිඑතුමන් පවසා සිටියේ. අ . පො. ස ( සා පෙළ ) / අ. පො. ස ( උ. පෙළ ) විභාගවලින් පසුව එම ළමයින්ගේ අනාගතය උදෙසා රාජ්‍ය නොවන සංවිධානයක් හා එක්ව බුලත්කොහු පිටිය, කැකලපන ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ විහාරස්ථානයක සති අන්තයේදී පැවැත්වීමට නියමිත විදුලි කාර්මික පාඨමාලාවක් ආරම්භකොට එම ළමුන්ට N V Q සහතික පත්‍රයක් ලබා ගැනීමට හැකිවන උත්සාහයක් පිළිබඳවද එතුමන් විසින් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.
මෙම වැඩසටහන විදෙස් රැකියා දිස්ත්‍රික් සම්බන්ධීකාරක හරේන්ද්‍ර උඩුමුල්ල මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
පරිසරය හා ළමා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් වික්‍රමසිංහ මහතා පැවසුවේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස තොරතුරු බෙදා ගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විෂය පථයට සම්බන්ධ නිලධාරීන් සමග ඒකාබද්ධව මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරීන්, ළමා හිමිකම් නිලධාරීන්, සමෘද්ධි අංශයේ නිලධාරීන්, උපදේශන අංශයේ නිලධාරීන්, පූර්ව ළමා විය සංවර්ධන නිලධාරීන්, නිපුණතා සංවර්ධන නිලධාරීන්, රැකියා ප්‍රවර්ධන අංශයේ සියලු ක්ෂේත්‍ර නිලධාරීන් හා පරිසරය සුරැකීමේ හා රාජ්‍ය නොවන සංවිධානයේ නිලධාරීන්ද සහභාගි විය.






















